
වාහනයක් ගන්නද?
අපේ වාහන අංගනයට පිවිසෙන්න පහත click කරන්න. තෝරා ගැනිමට වාහන 400කට ආසන්න ප්‍රමාණයක් දැන් ඔබ ඉදිරියේ. මෙම සියලුම වාහන අප වාහන අංගනයේ මේ මොහොතේ ප්‍රදර්ශනය කෙරෙනවා. මෙම සියලුම වාහන පරික්ෂාවකින් පසුව තෝරාගත් හොදම වාහන පමණයි. පිවිසෙන්න.
Available Vehicles
වාහනයක් විකුණන්නද?
ලියාපදිංචි සහතිකයේ පිටපත් දෙකක් සමග වාහනය රැගෙන එන්න පුංචි කාර් නිවසට. වාහනය හොඳ නම් ලියකියවිලිත් නිරවුල් නම් අපි ඔබේ වාහනය විකිණීමට භාර ගන්නවා.
Hotline : 0112 413 865|0112 413 866
Open Everyday! 09:00AM – 06:00PM
Import Your Own Vehicle
වාහනයක් ආනයනය කරගන්නද?(Vehicle Importing)
පුංචි කාර් නිවස වාහන ආනයන අංශය මගින් ජපානයේ වාහන වෙන්දේසි (Auctions) 120කට Access තිබෙන නිසා, ඔබ කැමතිම වාහනය ජපන් වාහන වෙන්දේසියෙන් ඔබටම තෝරාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. වාහනය ජපානයෙන් මිලදී ගන්නා මුදල සහ ශ්‍රී ලංකාවේ ආනයන බදු ඔබට විනිවිදභාවයකින් යුතුව ඉදිරිපත් කරන අපි, වාහනයක් ආනයනය කර දීමට ඔබෙන් අයකරන්නේ සේවා ගාස්තුවක් පමණයි.
ජපානයට අමතරව සිංගප්පූරුව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලින්ද පුංචි කාර් නිවස වාහන ආනයනය සිදු කරනු ලබයි.
Full Diagnostic Check
ස්කෑනින් සේවාව(Scan Inspection)
දැන් ඉස්සර වගේ නෙවෙයි. සියලුම වාහන පාලනය වෙන්නේ පරිගණකයක් මගින්. එම පද්ධතියේ දෝෂ තිබුණොත් වාහනය අරන් හැමදාම වියදම් කරන්න තමයි වෙන්නෙ. එයා බෑග්ස්, ඒබීඑස් සෙන්සර්ස්, විද්‍යුත් පරිපථය මේ සියල්ලම ස්කෑන් පරික්ෂාවේදි සියුම්ව සුපරික්ෂණයට ලක් වෙනවා. වාහනයේ ස්කෑන් පරික්ෂාව පිළිබද විද්‍යුත් සටහන් ඔබ අතටම ලැබෙනවා.
Underbody Check
වාහනය ඔසවා පරික්ෂාව(Hoist Inspection)
ඉස්සර අපි ගියේ හැටට. දැන් අපේ වේගය සීයටත් එහා. ඉතින් හයියෙන් යන්න නම් හයිවේ යන්න නම් තමන් ගන්නා වාහනයේ චැසි පරික්ෂාව කරගන්න ඕනෑ. ඒ සදහා වාහනයක හොයිස්ට් මගින් ඔසවා පරික්ෂාව කෙරෙනවා. ඔබ ගන්නා වාහනයේ චැසිය අනතුරුවලට ලක්වෙලාද? චැසිය ඇදවෙලාද? අලුත්වැඩියා කරලද? පාහලාද? දිරලද? ඔයිල් ලීක් තිබෙනවාද? සයිලන්සරය බ්රේක් නළ පද්ධතිය, සම්ප් එක, ඉන්ධන ටැංකිය ආදියෙහි පෑස්සීම්, අනතුරු බිදිම්, තැලිම්, දිරුම් තිබෙනවාද? සියල්ල දැකිය හැක්කේ වාහනය ඔසවා බැලීමෙන්ම පමණයි.
Complete Condition Report
හයිබ්‍රිඩ් පරික්ෂාව(Hybrid Inspection)
- මෙම වාහනය ගන්නා විට ඔබට පුංචි කාර් නිවසේදීම AUTO DOC වාහන පරීක්ෂණ ඒකකය මගින් AI තාක්ෂණයද යොදාගනිමින් වාහනය සම්පුර්ණයෙන්ම පරීක්ෂා කර අංග සම්පුර්ණ තත්ව පරීක්ෂණ වාර්තාවක් ලබා ගත හැකිය.
- වාහනය ගැනීමට ඔබ සුදානම් නම් මෙම වාහනයේ හිමිකරු සමග ඔබට පුංචි කාර් නිවසේදී කෙලින්ම දුරකතනයෙන් ගනුදෙනු කතා කරගත හැකිය.
- වාහනයේ ලියවිලිවල නිරවද්‍යතාව අප කාර්ය මණ්ඩලය මගින් තාක්ෂණික උපකරණද භාවිතයෙන් පරීක්ෂා කර දෙනු ලැබේ.
- ලීසිං පහසුකම් සඳහා LB FINANCE, SINGER FINANCE, MERCANTILE INVESTMENT, PEOPLES LEASING යන දිවයිනේ ජනප්‍රිය ලීසිං සමාගම් කාර්යාල පුංචි කාර් නිවස වාහන උද්‍යාන පරිශ්‍රයේම පිහිටුවා ඇත.
- ඔබ ගන්න වාහනයට LABOUR FREE SERVICE 3ක් හිමි වේ.
- තෝරා ගැනීමට වාහන 400ක් එකම උද්‍යානයක.
- වැලිවේෂන් සහ රක්ෂණ සේවාවන් ද පුංචි කාර් නිවසේදීම
- වාහන පාකින්, ආපන ශාලා, ප්‍රධාන පාර දක්වා නොමිලේ ශට්ල් සේවා ආදී සියල්ලෙන් සපිරි සිරිලක වාහන උද්‍යානය.
- තාක්ෂණික උපකරණ මගින් ලියකියවිලි පරික්ෂාව.
- ලීසිං සමාගම් හතරක් උද්‍යාන භුමිය තුළම.
- රක්ෂණ සේවා. වැලිවේෂන් සේවා.
- ආපන ශාලාව. පාරිභෝගික විවේකාගාරය.
- ප්‍රධාන මාර්ගය දක්වා නොමිලේ ෂට්ල් සේවා.
PCN GLOBAL
ලෝකයේ වෙනත් රටවලට වාහන අපනයනය(Vehicle Exports Worldwide)
පුංචි කාර් නිවස කියන්නේ තවදුරටත් ලංකාවට පමණක් සීමා වූ ආයතනයක් නෙමෙයි. පුංචි කාර් නිවස දැන් PCN GLOBAL නැමති සන්නාමය යටතේ Australia, New Zealand, United Kingdom යන රටවලටත් ජපානය, සිංගප්පූරුව සහ ඉන්දියාවේ සිට වාහන අපනයනය කරනු ලබනවා.
අනිත් සියලුම අපනයනකරුවන් එම රටවල පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ FOB Value එකක් පමණයි. නමුත් පුංචි කාර් නිවසේ PCN GLOBAL අපි වාහනය අදාළ රටේ පාරිභෝගිකයාගේ නිවසටම ගෙනැවිත් දීමේ සම්පූර්ණ ගාස්තුවම ලබාදෙනවා.
වැඩිදුර තොරතුරු PCN GLOBAL පිටුවෙන්.
Visit PCN GLOBALලීසිං සමාගම් 4ක් උද්‍යානය තුළම.
මෙම සියලු ලිසිං සමාගම්වල ශාඛා කාර්යාල දවස පුරාම පුංචි කාර් නිවස වාහන උද්‍යාන භූමිය තුළ විවෘතයි. වාහන උද්‍යානය තුළ දී ලීසිං හිතමිතුරන් ඔබ හමුවී ඔබට අවශ්‍ය සහාය ලබා දෙනු ඇති.



